මෙරට මහජන ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදාව රටපුරා කැදවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරයි.
මෙම විශේෂ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව වේ.
මෙරට ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ආඥාව පිළිබදව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.