හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ අද (09) ඇමෙරිකාව බලා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.
අද (09) අලුයම 3.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.අනතුරුව ඩුබායි හි සිට ඇමෙරිකාව බලාපිටත්ව යාමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.