පාසලක 05 ශ්‍රේණියේ සිසුවියන් හය දෙනෙකු අපයෝජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු දෙහිඅත්තකණ්ඩිය අධිකරණය විසින් එළඹෙන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පොලීසිය විසින් දෙමාපියන්ගේ සහ දරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ගුරුවරයා 54 හැවිරිදි පුද්ගලයෙක් වන අතර එල්ල වන චෝදනා එම ගුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර අපයෝජනයට ලක්වූ බව කියන දැරියන් රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.