නත්තල් දා අවදානයෙන් සිටින්න.. කාලගුණය අවදානම්.!

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හෙට (25) දින දිවයින හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ හේතුවෙන් හෙට (25) සහ අනිද්දා (26) දිනවල බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උතුරු, නැගෙනහිර, වයඹ බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40, 50 පමණ තද සුළං හමා යන බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද සදහන් කරයි.

ධීවර හා නාවුක ප්‍රජාවට එම ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close