මෙරට ජනතාවට භූමිතෙල් ලබා දීම සඳහා තෝරා ගත් ජනාකීර්ණ ප්‍රදේශවල නියෝජිත ආයතන පත් කිරීමට අවධානය යොමු වී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.
පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,
ජනතාවට භූමිතෙල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල වෙත එන පාරිභෝගිකයින්ගේ තදබදය තාවකාලිකව අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.
“ගෑස් නොමැති නිසා භූමිතෙල් ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ භූමිතෙල් ඉල්ලුම සඳහා අවධානය යොමු වෙලා තියෙනවා. කර්මාන්තවලට වෙන් කරන භූමිතෙල් සාමාන්‍ය යෙන් ලීටර 50 බැරල්වලට සීල් කරලා දෙන්නේ.
අවධානය යොමු වෙලා තියෙනවා කොළඹ විශේෂයෙන් ම ජනාකීර්ණ ප්‍රදේශවල තැන් කිහිපයක් තෝරගෙන කඩවල්වලට නියෝජිත ආයතන පත් කරලා ඒ භූමිතෙල් දෛනිකව ලබා දෙන්න. පිරවුම්හල්වල තියෙන තදබදය තාවකාලිකව හෝ අඩු කර ගැනීම සඳහා පියවරක් හැටියට”