චැසි අංක මගින් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමට නො හැකි වූ අයට හෙට(31) සිට තම ආදායම් බලපත්‍ර අංකය මගින් ඒ සඳහා ලියාපදිංචි විය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කලේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටින්නේ රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190 න් ඉන්ධන පිරවුම්හල් 962 ක් ඊයේ රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන බලපත්‍ර ලියාපදිංචි ක්‍රමවේදීය පද්ධතියට ඇතුලත් කර ඇති බවයි
