මෙරට බණ්ඩාරගම අටළුගම පාතිමා අයීෂා 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුව හෙට (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙරට ඊයේ (30) දින අත්අඩංගුවට ගත් අදාළ සැකකරුව ප්‍රශ්න කිරීම සඳහා රඳවාගැනීමේ නියෝග ගෙන තිබුණේය.සැකකරු ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි තිදරු පියෙකි
සැකකාර පුද්ගලයා අද (31) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කරයි.මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා විසින් අදාළ නියෝගය නිකුත් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, පැහැර ගැනීම, අයුතු අවහිරය, ලිංගික අතවර කිරීමට තැත්කිරීම, තුවාල සිදුකිරීම සහ සාපරාධි බලහත්කාරය පෑම ඇතුළු චෝදනා හයක් යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරයි.