වී ගොවියා ආරක්ෂා කිරීමට,සහල් ආනයනය අත්හිටුවන්න-කෘෂිකර්ම ඇමතිගෙන් ඉල්ලීමක්.

පිටරටින් සහල් ආනයනය කිරීම දෙසැම්බර් මාසය තෙක් අත්හිටුවන ලෙසට තමන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවක දී පැවසුවේය.

සහල් ආනයනය සදහා ලබා දුන් අවසරය මත මේ වනවිට සහල් ආනයනකරුවන් විසින් ඇති තරම් තොග ගබඩා කර ඇති බවට තොරතුරු වාර්තා වේ .යල කන්නයේ වී අස්වනු නෙලන අවස්ථාව වන විට තවදුරටත් සහල් ආනයනය කිරීම මගින් ගොවින් විසින් වගා කරන ලද වී ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් විසින් කුණුකොල්ලයට මිල දී ගන්නා තත්ත්වය වලක්වා මෙරට වී ගොවියා ආරක්ෂා කිරීමට මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

අද දින පස්වරුවේ රැස්වන අමාත්‍ය මණ්ඩලයට තමන් විසින් ලබන දෙසැම්බර් මාසය වන තෙක් සහල් ආනයනය අත්හිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව සහ සහල් ආනයනය නතර කිරීම තුළ අප රට තුළ ඉතිරිවන විදේශ විනිමය ප්‍රමාණය කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා වන යෙදවුම් මිලදී ගැනීමට යොදවන ලෙස රජයට යෝජනා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close