මෙරට ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙන ලකුණු .ඍජු හා වක්‍ර රැකියා රැසක් අහිමි වෙයි?

ඉන්ධන අර්බුදය හමුවේ නිදහස් වෙළෙඳ කලාපවල සේවකයන්ගේ පැමිණීම සියයට තිහකින් පමණ අඩුවී තිබෙන බව නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් සදහන් කරයි.

එම නිසා ජාත්‍යන්තර ඇඟලුම් ඇණවුම් ලබාදීමට අපොහොසත් වීම නිසා කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් සියයට විස්සකින් පමණ අඩු වී ඇත.

මේවන විටත් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම්හල් කිහිපයක්ම සේවක වැටුප් ගෙවීමට නොහැකිව වන වැසී ගොස් ඇති අතර, හැකි ඉක්මනින් වෙළෙඳ කලාප තුළ පවතින ගැටලු සඳහා විසඳුම් නොලැබුණ හොත් අගෝස්තු මාසය අවසානය වන විට ඇණවුම් නොලැබී යාම හේතුවෙන් ඇඟලුම්හල් රැසක් වැසීයාමේ අවධානමක පවතින බවද ඔහු සදහන් කරයි.

මෙම තත්ත්වය මත ඇඟලුම් කර්මාන්තය බිඳ වැටුණහොත් ඒ වටා ඇති ඍජු මෙන්ම වක්‍ර රැකියා රැසක් අහිමි වී යනු ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close