නීතිවිරෝධීව රට පනින්න හැදු තවත් පිරිසකට වැඩ වරදී

නීතිවිරෝධී ලෙස විදෙස්ගතවීමට සූදානමින් සිටි 50 කට ආසන්න පිරිසක් වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් හලාවත, මාරවිල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අත්අඩංගුවට ගත් පිරිසට කාන්තාවන් 6 දෙනෙකු සහ කුඩා දරුවන් 4 දෙනෙකු ද ඇතුළත් වේ.

අද (01) අලුයම මොවුන් බස් රථයකින් සහ වෑන් රථයකින් ගමන් කරමින් සිටින අතරතුර අත්අඩංගුවට පත්ව ඇති අතර මොවුන් මුහුදු මාර්ග මඟින් ප්‍රංශයට යාමට සැළසුම් කර තිබූ බව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close