මෙරටට ආනයනික සියලු මත්පැන් වල මිල ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය විසින් මත්පැන් ආනයනය කිරීමේදී තීරු බද්ද මත සියයට සියයක අධි භාරයක් පැනවීම හේතුවෙන් වැඩි කිරීම සිදුකර ඇත.
වයින්, විස්කි, රම්,ජින්, වොඩ්කා වැනි ආනයනික මත්පැන්වල මිල ඉදිරියේදී ඉහළ යයි. වැට් බද්ද ඉහළ නැංවීම හේතුවෙන් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය නිෂ්පාදනය කරන මත්පැන් බෝතලයක මිල රුපියල් 520කින් සහ බීර බෝතලයක මිල රුපියල් 30කින් ද ඉහළ නංවනු ලැබුවෙිය.