ලොව පුරා කිතුනු බැතිමතුන්ගේ ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් සීතල නත්තල අදයි.
නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්රැන්සිස් පාප් වහන්සේ සහභාගීවන ප්රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.
මැදියම් රාත්රියේ ප්රධාන නත්තල් දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ ප්රධානත්වයෙන් පන්නිපිටිය ක්රිස්තුරාජ දේවස්ථානයේදී පැවැත්වේ.
මැක්ස්වල් සිල්වා රදගුරු හිමිපාණන් ගේ ප්රධානත්වයෙන් මීගමුව පළඟතුරේ සාන්ත ආනා දේවස්ථානයේද දේවමෙහෙයන් පැවැත්වේ.
ජේ.ඩී.ඇන්තනී රදගුරු හිමිපාණන් ගේ ප්රධානත්වයෙන් වෑවල සාන්ත සේවියර් දේවස්ථානයේ දී නත්තල් මැදියම් රාත්රියේ දේවමෙහෙයන් පැවැත්වේ.