අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ රුධිර සාම්පල් සහ අපරාධ ස්ථානයේ තිබි විමර්ශන නිළධාරින් සොයා ගත් එම ස්ථානීය සාක්ෂි කිහිපයක් DNA පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට අධිකරණය අද (02) අවසර ලබාදී ඇත.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඝාතනයේ DNA පරීක්ෂාව සදහා කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මෙම නියෝගය ලබාදී ඇත.
එම ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ වාර්තාවෙන් ප‍්‍රබල හෙලිදරව්වක් සිදුව කර ඇති බවද වාර්තා වේ.