පසුගිය අරගලය විනාශ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන එන ලද ටූල් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි.
රටේ පසුගිය මැයි මාසයේ ඇතිවූ අරගලකාරී තත්වයේදී තමන් අරලියගහ මන්දිරයේ රැඳී සිටියේ ගිනි අවි දෙකක් සහිතය බවත් අරගලකරුවන් මහින්ද රාජපක්ෂට හිරිහැරයක් කරදරයක් කරන්නට උත්සාහ කළේ නම් සීයකට වුවත් වෙඩි තබා දමන බවද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සදහන් කරයි.
එදා තමන්ව බේරේ වැවට දැමීමට කටයුතු කළේ නම් පහලවක් විස්සක් ස්ථිර වශයෙන්ම මිය යනු ඇති බව ද ඔහු තවදුරටත් සදහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් මෙම අදහස් පළ කළේය.