ආණ්ඩුව එක්ක අපට ගමනක් නෑ-වාසුදේව නානායක්කාර.

පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන් එක්ව වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක් ගොඩනැගීමට තීරණයක් ගෙන ඇති බවට වාර්තා වේ

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසූවෙ ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව සමග ගමනක් යාමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව සහ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින සෙසු මන්ත්‍රීවරුන් ද මෙම පෙරමුණ සඳහා එක් කර ගැනීමට නියමිත බවය.

මෙම නව පෙරමුණ හා සම්බන්ධ අයෙකු ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර ගැනීමට අදහස් නොකරන බව ද නානායක්කාර මහතා පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close