විශාල පිරිසකට රැකියා අහිමිවෙයි.

මෙරට උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළයාමේ ප්‍රතිවිපාක ලෙස ඉදිරියේදී ක්ෂේත්‍ර රැසක රැකියා අහිමිවීමේ අවදානමක් මේ වන විට මතුව පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවයි.තත්ත්වය උද්ගත විය හැකි වන්නේ ව්‍යාපාර ආයතනවලට සිය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙන්ය.

මෙරට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය පසුගිය මැයි මාසයේදී 39.1% දක්වා ඉහළ ගිය අතර ආහාර උද්ධමනය 57.4 % දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

ජීවන වියදම ඉහළ යාම මෙන්ම අපනයන හා ආනයන සීමාවීම නිසා මෙරට ක්ෂේත්‍ර රැසක රැකියාවලට මේ වන විට බරපතළ ලෙස අහිතකර බලපෑම් එල්ල වෙයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close