අසිරිමත් නත්තල වෙනුවෙන් සිරකරුවන් 309කට ජනාධිපති සමාව.!

නත්තල (25) වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 309 ක් හෙට දින නිදහස ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක සදහන් කරයි.

පිරිමි රැඳවියන් 306 ක් සහ කාන්තා රැඳවියන් තිදෙනෙක් විශේෂ සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බවද බන්ධනාගාර කොමසාරිස්වරයා සදහන් කරයි.

දිවයිනේ සියලුම බන්ධනාගාර වලින් මෙසේ රැඳවියන් නිදහස ලබන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close