දුම්රිය ගාස්තු යළිත් වැඩි කරන්න සුදානම්.

මෙරට රජය මගින් ප්‍රතිපත්ති තීරණයක් ගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබාදෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරයි.

“මම හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට හොඳ උදාහරණයක් රජය මඟින් රටේ ජනතාවට ලබාදෙන සේවය පිළිබඳව පෙන්නුම් කිරීමට. මේවන විට බස් ගාස්තුවෙන් 20%ක් 24% ප්‍රමාණයක් තමයි දුම්රිය ගාස්තු ලෙස අපි අයකරන්නේ.

එම නිසා අපේ වියදම.. ඩීසල් මිල වැඩිවීමත් සමග විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. නමුත් අපේ ආදායමේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඉතා අඩු මුදලකට තමයි මගීන් ප්‍රවාහනය කරන්නේ.

එම නිසා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රජයේ යම් ප්‍රතිපත්ති තීරණයක් අරගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා දෙපාර්තමේන්තුව අවසර ලබාදෙයි කියලා.”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close