මහේල අගමැතිට ක්‍රිකට් වලින් උත්තර දෙයි.ඔබතුමාත් ෆේල්.

මෙරට ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ක්‍රිකට් ක්‍රීඩක ඩබ්.ජී ග්‍රේස් සම්බන්ධ සිදුවීමක් උපුටා දක්වමින් කතා කළේය.

ග්‍රේස් සම්බන්ධ සිදුවීම නම්, එක්තරා ක්‍රිකට් තරගයක දී විකට්ටුව වෙත පැමිණි ග්‍රේස් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දැවී ගියේය.විනිසුරු ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළ නමුත්, ග්‍රේස් පිටියෙන් ඉවත් වූවේ නැත.

මෙහි ක්‍රීඩා ලෝලීන් පැමිණ සිටින්නේ ඔබ විනිසුරු ලෙස කටයුතු කරන හැටි බැලීමට නොව, මං ක්‍රීඩා කරන හැටි බැලීමට යැයි විනිසුරුට කී ග්‍රේස් දිගටම ක්‍රීඩා කළේය.රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මේ සිදුවීම පාර්ලිමේන්තුවේ සිහිපත් කළේය.

එයට ප්‍රතිචාර දක්වමින් සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන අපූරු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරයි.ඒ අගමැති රනිල් යනු ඩබ්.ජී. ග්‍රේස් වැනි ශ්‍රේෂ්ඨයෙකු නොවන බවයි. එමෙන්ම, දැවී ගිය ක්‍රීඩකයන් වන රනිල් වික්‍රමසිංහ හෝ තවත් එවැනි අසමත් ක්‍රීඩකයන් යළිත් ක්‍රීඩා පිටියේ දැකීමට ලාංකීය ක්‍රීඩා ලෝලීන් අපේක්ෂා නොකරනු ඇති බවද සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close