සැගවී සිටි ජොන්ස්ටන් පෙත්සමක් සමග අධිකරණයෙන් මතුවෙයි.

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම පෙත්සම මගින් ඔහු සඳහන් කර ඇත්තේ, මැයි මස 9 වන දා කොල්ලුපිටිය මයිනාගෝගම සහ ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලවලට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇති බවයි.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව සැකකරුවෙකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අතර එය නීතියට පටහැනි බව ජොන්ස්ටන් ප්‍රනාන්දු එහි සඳහන් කර ඇති බව වාර්තා වේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close