මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (03) පැවැත්වීමට නියමිතව ඇත.
මෙරට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේ, එම සාකච්ඡාවේදී දැනට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් ගෙන එන සංශෝධන සාකච්ඡා කිරීමට නියමිත බවයි.
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සමගද 21 වැනි සංශෝධන කෙටුම්පත පිළිබඳ අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙයි.අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, තම අමාත්‍යාංශයේදි එය පැවැත්වෙන බවයි.