සැපයුම්කරුවන් ලංකාවට ඉන්ධන දෙන්න ඉදිරිපත් නොවෙයි.ටෙන්ඩර් දැම්මට වැඩක් නෑ.

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සඳහා සැපයුම්කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.තෙල් සංස්ථාව කොපමණ ටෙන්ඩර ඉදිරිපත් කලද සැපයුම්කරුවන් ඉදිරිපත් නොවන බව ද සදහන් කළේය.

එයට හේතු වී ඇත්තේ බොහෝ සැපයුම්කරුවන් ගෙවිය යුතු මුදල් බොහෝ කාලයක් තිස්සේ නොගෙවීම බව ද ඇමැතිවරයා සඳහන් කළේය.මාස හයක හෝ අවුරුද්දක ණය ගෙවීමේ කාලයක් සහිතව ඉන්ධන ලැබුණද අද ඉන්ධන ලබා දෙන්නේ අත්පිට මුදලට පමණක් බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම ජුනි මාසය සඳහා පමණක් ඉන්ධන සඳහා ඩොලර් මිලියන 550ක අවශ්‍යතාවයක් ඇතැයි ද අමාත්‍යවරයා හෙතෙම සඳහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close