පසුගිය මැයි 09 වැනිදා ගෝල්ෆෙස් පිටියේ හා අරලිය ගහ මැදුර ඉදිරිපිට සාමකාමී විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට,
මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායම් කිහිපයක් පිටත් කර හැරියද තවමත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නිළධාරින් සමත්ව නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කරයි.
පොලිස් කණ්ඩායම් හිටපු ඇමතිවරයා සිටින ස්ථානය සොයා ගැනීමට තවමත් විමර්ශන කටයුතු සිදු කරන බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේය.
නඩුවේ සැකකරුවන් ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඇතුළු සිව්දෙනෙකු නම් කරන බව නීතිපතිවරයා විසින් පසුගිය සතියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.