එරට යුරෝපයේ විකුණනු ලබන අයිෆෝන්ස් වල කනෙක්ටර් වෙනස් කළ යුතු බව යුරෝපීය කොමිසම විසින් ඇපල් සමාගමට දැනුම් දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
සියලුම වර්ගවල ජංගම දුරකථන, ටැබ්ලට් සහ කැමරා සඳහා එක හා සමාන “charging port” ඇතිකළ යුතුය යනුවෙන් යුරෝපීය සංගමයේ සාමාජික රටවල් එකඟවී ඇත.එබැවින් 2024 වනවිට අයිෆෝන්ස් වල කනෙක්ටර් වෙනස් කළ යුතුය.
පාරිභෝගිකයින්ගේ කටයුතු පහසුවන බවත් සමාගම් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත්වීම හේතුවෙන් තමන් ඊට මැදිහත් වූ බව යුරෝපීය කොමිසම සදහන් කරයි.
ෆෝන් භාවිත කරනු ලබන පාරිභෝගිකයින්ගෙන් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් හේතුවෙන් එක හා සමාන “charging port” නිර්මාණය කරන ලෙස යුරෝපීය සංගමය අදාළ සමාගම්වලට වසර 10ක පමණ කාලයක් විටින් විට දැනුම් දී ඇත.
“අනවශ්‍ය චාජර් මිලට ගැනීම නිසා වසරකට යුරෝ මිලියන 213ක් දක්වා වැයවන මුදල්” ඉතිරිකර ගැනීමට පාරිභෝගිකයින්ට ඉඩකඩ සලසන අතර, වසරකට ටොන් 11 000ක අපද්‍රව්‍ය ප්‍රමාණයක් තුරන් කරනු ඇතැ යි යුරෝපා සංගමය ප්‍රකාශ කළේය.