මෙරට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් දෙහිවල සත්ත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්ත්වෝද්‍යානවල සිටින සතුන් උග්‍ර ආහාර අර්බුදයකට පත්ව ඇති බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙරටට විදේශ සංචාරකයන් පැමිණීම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා සතුන් මෙසේ ආහාර හිඟයකට මුහුණ පා ඇති බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සදහන් කළේය.
සත්ත්ව ආහාර සැපැයුම්කරුවන් සඳහා රුපියල් මිලියන පනස් නවයක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බව ද ඔවුහු වනජීවී ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකදී පෙන්වා දෙයි.වසරේ ඉදිරි කාලය සඳහා සත්ත්ව ආහාර සඳහා රුපියල් මිලියන එකසිය විස්සක මුදලක් වැය වන බව ද සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.