මෙරට අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට ඉදිරි මහ කන්නය සඳහා යූරියා පොහොර මලු 365,000ක් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර ඇත.
මෙම ගොවිපවුලකට යූරියා මිටියක් බැගින් පවුල් 365,000කට මෙලෙස යූරියා ලබාදීමට තීරණය කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
එළඹෙන ලබන මහ කන්නය තුල කාන්තාවන් මූලික අඩු ආදායම්ලාභී පවුල් 14,000කට මුං වගාව සඳහා රුපියල් 18,000ක ආධාර මුදලක් ලබාදීමට ද,
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.