එරට රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවෙයි.
එරට රුසියානු බලධාරීන් සඳහන් කර ඇත්තේ රුසියානු සමාගම්වල ගුවන් යානා රඳවා නොගන්නා බවට ශ්රී ලංකාව ප්රධානියෙක් ලබා දුන් සහතිකය මත තමන් ශ්රී ලංකාවට ගමන් කළ බව.
රුසියාවේ මොස්කවු බලා ගුවන් ගතවීමට නියමිතව තිබූ මගින් 191 ක් සහිත ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයක් මත රඳවා ගෙන ඇත.
මෙම අදාල පැමිණිල්ල සිදු කර ඇත්තේ අයර්ලන්ත සමාගමක් විසින්ය.මෙම ගුවන් යානය මීට පෙර හත් වතාවක් ලංකාව බලා පියාසර කර ඇතැයිද රුසියානු බලධාරීන් සදහන් කළේය.
එවන් පසුබිමක මෙම ගුවන් යානය රඳවා ගැනීම ගැටලුකාරී බව ද රුසියානු බලධාරීන් චෝදනා කරයි.