ධම්මික පෙරේරා පාර්ලිමේන්තු යවන ගැසට් එක අද රෑ.

මෙරට පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත් මහතා සඳහන් කරන්නේ ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මහ ලේකම් සාගර කාරියවසම් විසින් ධම්මික පෙරේරාගේ නම මැතිවණ කොමිසමට යවා ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව අද (10) රැස්වී මෙම පත්කිරීම පිළිගෙන ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close