මෙරට ඉන්ධන මිල ගණන් අඩු කිරීම හමුවේ සිය ගාස්තුද සුළු මුදලකින් හෝ අඩු කිරීමට අපේක්ෂා කරන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සදහන් කරයි.
සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ මීට පෙර ඉන්ධන මිල වැඩි කළ අවස්ථාවේ සිය ගාස්තු ඉහල නොදැමූ බවයි.
එළඹෙන 21 වනදා සිට ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන නිකුත් කිරීමට පෙර එක් වරක් පමණක් පාසල් වෑන් රථ සඳහා ඩීසල් ලබා දෙන ලෙසට සංගමයේ සභාපති මෙහිදී ඉල්ලීමක්ද කළේය.
රටේ පවතින ආර්ථික තත්ත්වයත් මත මෙම තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ.