මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මාසයේ දී යළි දිවයිනට පැමිණීමට සූදානම් බව වාර්තා වේ.
එරට සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
මෙම ජුලි මස අවසානය දක්වා සෞදි අරාබියේ රැඳී සිට ගෝඨාභය රාජපක්ෂ ඉන් පසු යළිත් දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට යාමේ සැලසුමද ඔහු අත්හැර දමා ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂගේ පුත්‍රයාගේ ආරක්ෂාව වෙනුවෙන් බව වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ ලබන මස යළි දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ද මන්ත්‍රිවරු පිරිසකට දැනුම් දී ඇති බව වාර්තා වේ.