මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් සහය දීමට සූදානමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.
මෙරට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති නිලවරණය සඳහා සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන්ම තරග වදින බවත් ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේය.
මෙරට 69 ලක්‍ෂයක් ඡන්දය ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීමත් සමග මෙරට ඊලගට ජනාධිපති ධුරය සදහා සුදුසුකම ඇත්තේ 55 ලක්‍ෂයක් ඡන්ද ගත් සජිත් ප්‍රේමදාසට බවත් ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේය.