ආණ්ඩුව තියෙන ටිකත් නැතිකර ගනී.

මෙරට බස්නාහිර පළාත ඇතුළු දිවයින පුරා ඔටෝ ඩීසල් හිඟ වීම හේතුවෙන් ආනයන අපනයන බහාලුම් රථ ප්‍රවාහනය කිරීමට නොහැකි වීමෙන් ආයෝජන කලාපවල සිදුකර තිබෙන නිෂ්පාදන,

අපනයන කිරීමේ දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේය.

ඉන්ධන ලබාගැනීම සඳහා දින 8,10 පෝලිම් වල සිටීමට සිදුව ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේය.මෙම රථ සඳහා ඉන්ධන ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් එම රථ 80%ක් පමණ ධාවනයෙන් ඉවත්ව සිටින බව ඔහු සදහන් කළේය.

මෙරට පවතින තත්ත්වය මත අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර එම කර්මාන්ත මෙරටින් ගිලිහි බංග්ලාදේශය, මියන්මාරය වැඩි රටවලට හිමි වීමේ අවදානමක් මතුව තිබෙන බවද සභාපතිවරයා සදහන් කළේය.

ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙස බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් සිදුකලදචේය ඉටු නොවුණු බව සභාපති සනත් මංජුල සඳහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close