මෙරට නව මහ බැංකු අධිපති ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙස අගමැති රනිල් වික්රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇත.
මෙරට වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නිල කාලය මෙම මස අගදී අවසන් වීමට නියමිතව ඇත.
මෙම දිනේෂ් වීරක්කොඩි අගමැතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශකවරයා මෙන්ම කලක් බැංකුවල සභාපතිවරයකු ලෙසද කටයුතු කර ඇත.
නන්දලාල් වීරසිංහ මහතා සහ අගමැතිවරයා අතර මත ගැටුමක්ද නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. එහෙත් ශ්රී ලංකා මහ බැංකුව මේ වන විට එය ප්රතික්ෂේප කරයි.
එහෙත් අගමැති රනිල් වික්රමසිංහ කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් යහපත් ප්රතිචාරයක් දක්වා නොමැත.