මෙරට දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් සියයට 50ක් වන පරිදි ඉහළ දැමීමේ නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ‘මව්බිම’ට සදහන් කළේය.
ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ නිසා දෙපාර්තමේන්තුව දෛනිකව ලබන අලාභය හතරෙන් එකකින් අඩු කර ගැනීමටත් ආදායම දෙගුණයකින් වැඩි කර ගැනීමටත් හැකි බව හෙතෙම සදහන් කළේය.
මෙරට දුම්රිය ගාස්තු බස් ගාස්තු මෙන් සියයට විසිහතරකින් 24% අඩුවීම නිසා මගී ජනතාව වැඩි වශයෙන් දුම්රිය ගමනාගමනයට එක් වීම බස් රථ කර්මාන්තය අවදානමකට ලක්වීමට ඉඩ ඇති බව සාමාන්‍යාධිකාරී සදහන් කළේය.