තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් මරිජුවානා (marijuana) ඉවත් කිරීමට තායිලන්තයේ රජය පියවර ගැනීම හේතුවෙන් තායිලන්ත වැසියන්ට සිය ගෙවතුවල ගංජා වගා කර එහි අස්වැන්න අලෙවි කිරීමට අවස්ථාව ලැබෙයි.
මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වන රටක් බව සැලකෙන තායිලන්තය අග්නිදිග ආසියාවේ මෙවැනි පියවරක් ගත් පළමු රට ලෙස ඉතිහාසගත වනු ඇති බව වාර්තා වේ.
එහෙත් එරට තායිලන්තයේ ගංජා යොදාගෙන වෙනත් දේ නිෂ්පාදනය කිරීම තවදුරටත් තහනම් වෙයි.