ගමන්කල ටිපර් රථයක ගමන් මඟ හරස් කර, එහි ගමන් කළ පියාට පහර දී, සිය 13 හැවිරිදි පුත්රයාට රබර් උණ්ඩ සහිත අවියකින් වෙඩි තැබූ වන සංරක්ෂණ නිලධාරියෙක් අත්අඩංගුවට ගනී.
පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්ර සහයක ලෙස සේවයේ නියුතු නොච්චියාගම, රඹවැව ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සදහන් කරයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටිපර් රථය හරස් කර නවතා එහි දොර විවෘත කර යතුර රැගෙන රියෙන් බස්සවා තමාගේ කම්මුලට පහරදී, තුවක්කු බදකින් පිටට පහර දුන් අවස්ථාවේදී, දරුවා කෑ ගැසූ විට අනෙක් පුද්ගලයා තම දරුවාගේ හිසට වෙඩි තැබූ බව පියාගේ පැමිණිල්ලේ සඳහන්ව බව පොලීසිය සදහන් කරයි.
දරුවාගේ හිසෙන් ලේ ගලන තුවාල සහිතව සිටි පුත්රයා සහ වෙඩි තැබූ පුද්ගලයා ටිපර් රථයේම දමා ගෙන පැමිණ දරුවා රාජාංගනය රෝහලට ඇතුළත් කර පහරදුන් පුද්ගලයා රාජාංගනය පොලිසියට බාර දීමට දරුවාගේ පියා වන පැමිණිලිකරු ක්රියා කර ඇති බව පොලීසිය සදහන් කරයි.