හිටපු සෞඛ්‍ය ඇමැති චන්න ජයසුමන විසින් කොවිඩ් තත්ත්වය සාමාන්‍ය වීමත් සමග මුව ආවරණ අනිවාර්ය කර තිබූ නියෝගය අවලංගු කරන ලද නමුත් මේ දිනවල නැවත කොවිඩ් ව්‍යාප්ත වීමෙ අවදානම හමුවේ යලිත් මුව ආවරණ අනිවාර්ය කිරීම පිළිබඳ සෞඛ්‍ය අංශ වල අවදානය යොමුව ඇත.
ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (25 වැනිදා) සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල සහ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි .
නව කොවිඩ් ඔමික්‍රෝන් වයිරසය හේතුවෙන් මුව ආවරණ යළි අනිවාර්ය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කල ඉල්ලීම මෙම සාකච්ඡාව හේතු විය.