ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 තෙක් ධුරයේ සිටින බවත් වත්මන් පාර්ලිමේන්තුව 2025 වසර තෙක් පවතින බවත් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.
ඉදිරියේදී පලාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් හැමෝටම තම තමන්ගේ තරම බලාගත හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තතිව පළාත් පාලන මැතිවරණයට තරග කලහොත් මන්ත්‍රීවරු 100ක් 200ක් ගත හැකි වේදැයි සැකයක් ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
අමාත්‍ය මහින්ද අමරවීර කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.