එරට ජපානයේ ටෝකියෝ නගරයේ ඊසාන දෙසින් පිහිටි ඉබරාකි ප්‍රාන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්ව ඇත.මාධ්‍ය වාර්තා කළේ, ඉබරාකි ප්‍රාන්ත පොලිසිය එය මනුෂ්‍ය ඝාතනයක් යැයි සැක කර විමර්ශනය කරන බවයි.මරණයට පත් වී ඇත්තේ, 45 හැවිරිදි උපුල් රෝහණ ධර්මදාස නම් පුද්ගලයෙක් වේ.
පසුගිය ඉරිදා (05) බන්ඩෝ නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතැයි පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී ඇත. එම අවස්ථාවේදී අදාළ ශ්‍රී ලාංකිකයා වම් උරහිසෙහි ලේ ගලමින් සිටියදී හමු වූ බව ඉබරාකි පොලිසිය ප්‍රකාශ කර ඇත.
පොලිසිය ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වෛද්‍යවරු තහවුරු කර ඇත.මිය ගිය ධර්මදාස බන්ඩෝ නගරයේ දිවි ගෙවා ඇත.මිය ගොස් ඇති පුද්ගලයාට එම කර්මාන්ත ශාලාවේ ම සේවය කරන තව ත් 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සමග ගැටලු පැවති බවට බොහෝ සේවකයින් පොලිසියට ප්‍රකාශ කර ඇත.