රට තුළ ඉන්ධන ඉල්ලුම කැපී පෙනෙන ප්‍රතිශතයකින් අඩුවී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි. ජනවාරි මාසයේ පළමු කාර්තුවේ ඉන්ධන ඉල්ලුමට සාපේක්ෂව සියයට 50කින් පමණ වසර අන්තිම විට ඉල්ලුම අඩු වී ඇත.
පැවතින ආර්ථික අර්බුදය, පරිභෝජනය සැලකිය යුතු ලෙස පහළ යාම, QR ක්‍රමවේදයට අනුව පමණක් ඉන්ධන නිකුත් කිරීම සහ ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට පාරිභෝගිකයික් කටයුතු නොකිරීම ඇතුළු කරුණු රැසක් හේතුවෙන් ඉන්ධන ඉල්ලුම අඩුවී ඇත.
පසුගිය දිනවල මසකට පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක පමණ ඉල්ලුමක් පැවැති අතර මේ වන විට එය මෙට්‍රික් ටොන් 2,000ක් දක්වා අඩු වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.
පසුගිය මාර්තු සිට ජූලි දක්වා මාස 4ක කාලය තුළ දෛනික ඩීසල් පරිභෝජනය ටොන් 6,496 සිට 2,299 දක්වා සහ පෙට්‍රල් පරිභෝජනය ටොන් 3,764 සිට 1,226ක් දක්වා පහත වැටී ඇත.