හිතෙන හිතෙන විදියට විදුලිබිල වැඩි කරන්න බෑ.. මානව හිමිකම් කොමිසම විමර්ශන අරඹයි.. කංචන හා ජනකත් කැදවන්න සුදානම්.!

යළිත් වරක් විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කරයි.

රටේ පුරවැසියන්ට ජීවත් වීමට ඇති අයිතියට එල්ල වන බාධාවක් ලෙස සළකා අදාළ විමර්ශනය ක්‍රියාත්මක බව මානව හිමිකම් කොමිසම සදහන් කරයි.

මෙම විමර්ශනයට අදාළව විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයකු සහ විදුලිබල මණ්ඩ‍ලයේ ඉහළ පෙලේ නිලධාරීන් කිහිපදෙනකු කොමිසමට කැදවා ඇත.

ඉදිරියේදි අවශ්‍ය වුවහොත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කරුණු විමසීම සඳහා කැඳවීමට බලාපොරොත්තු වන බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close