ඉන්දියාවේ ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වන සුෂාන්ත් සිං රාජ්පුත් පසුගිය 2020 වසරේ ජූනි මස 14 වැනිදා මුම්බායි හි සිය නිවසේ කාමරයක මියගොස් සිටියදී සොයා ගත්තේය.
සුෂාන්ත් සිං රාජ්පුත් මියගොස් වසර 2ක් ගතවී ඇති අතර නැවතත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇති පුවතක් වෙත ලෝකයේම අවධානය නැවත යොමුව ඇත.
මරණ පරීක්ෂණය සිදුකිරීමට සම්බන්ධ වූ රූප්කුමාර් ෂා නැමැති නිලධාරියෙකු විසින් ඉන්දීය රූපවාහිනී මාධ්‍ය ආයතනයකට සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔවුන් මේ බව වාර්තා කරයි.
සුෂාන්ත් සිං රාජ්පුත් ගේ සිරුරේ සැකකටයුතු සලකුණු කිහිපයක් තිබූ බවත් එවායින් 2ක් හෝ 3ක් ගෙලෙහි තිබූ බවත් එය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් බවද තමන්ට වැටහුණ අතර ඒ ගැන තමා ඉහළ නිලධාරින් දැනුම්වත් කළ බවද ඔහු සදහන් කරයි.
මරණ පරීක්ෂණය වාර්තා කිරීමට අවශ්‍ය වූ නමුත් එම අවස්ථාවේදී ඉහළින් ආ නියෝග මත සිරුරේ එම සලකුණු වල ඡායාරූප ගැනීම පමණක් සිදුකළ බවද ඔහු සදහන් කර ඇත.