අමෙරිකාවේ දරුණුම හිම කුණාටුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට.!

අමෙරිකාවට පහරදුන් දැවැන්ත හිම කුණාටුව හේතුවෙන්, මේ වන විට බටහිරදිග නිව් යෝක් ප්‍රාන්තයේ පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවත් එම මරණවලින් බහුතරය වාර්තාවී තිබෙන්නේ බෆලෝ නගරයෙන් බවද වාර්තා වේ.

එරට ඇතැම් පුද්ගලයින්, ඔවුන් ජීවිත කාලය තුළ දැක ඇති දරුණුතම කුණාටුව මධ්‍යයේ දෙදිනකව වැඩි කාලයක් සිය මෝටර් රථ තුළට කොටුවී හිඳ ඇති බවත් ගුවන් ගමන් 4900කට ආසන්න ප්‍රමාණයක් අවලංගුකර තිබූ බවද වාර්තා වේ.

තරමක් උණුසුම් කාලගුණයක් පැමිණ තත්ත්වය වැඩිදියුණු වනු ඇති බවත් කැනඩාවේ සිට මෙක්සිකානු දේශසීමාව දක්වා පැතිර ඇති කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

ජනාධිපති ජෝ බයිඩන්, නිව් යෝර්ක් ප්‍රාන්තයට ෆෙඩරල් සහාය ලබාදෙමින් හදිසි ප්‍රකාශයක් කරමින් “නිවාඩු සති අන්තයේ දී සිය ආදරණීයයන් අහිමිවූවන්ට” ශෝකය ප්‍රකාශ කර ට්විටර් පණිවුඩයක් නිකුත්කර ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close