රටේ සියලුම රියදුරන්ට විශේෂ දැනුම්දීමක්.. මේ ගැන දැනගෙන ඉන්න.!

ධාවනයේදී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ක්‍රියාත්මක “රියදුරු කුසලතා ලකුණු ක්‍රමය” එළඹෙන ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සදහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ තවදුරටත් සදහන් කළේ,

“2023 පළමු කාර්තුවේ දී අපි ප්‍රවාහන අමාත්‍යතුමාගේ සහ රාජ්‍ය අමාත්‍යතුමාගේ අවශ්‍යතාවය පරිදි අපි ලෑස්ති කරලා තියෙනවා රියදුරු අකුලසලතා ලකුණු ක්‍රමය හඳුන්වා දෙන්න. ඒ අනුව මහ පාරේ දී සිදුවන රථවාහන වැරදි වෙනුවෙන් ලකුණු 20ක් දක්වා අකුසලතා ලකුණු හිමිවන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව යම්කිසි කෙනෙක් ලකුණු 20 සම්පූර්ණ කරාම එයාගේ ඩ්‍රයිවින් ලයිසන් එක අවලංගු වෙනවා. ඒ අනුව එයා ඒක අවලංගු වන කාලයෙන් පසු නැවත මුල ඉඳන් ඩ්‍රයිවින් ලයිසන් එක ලබාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. මේකෙන් අපි අපේක්ෂා කරන්නේ, දැනට වසරක් තුළ සිදුවන මාරක රිය අනතුරු අවම කරගැනීම.

අපේ මේ වනවිට මෙයට අදාළ මුලික ක්‍රමවේදය සකස් කරලා කැබිනට් එකට ඉදිරිපත් කරන්න අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරමින් පවතිනවා කෙටුම්පත. බොහෝදුරට අපි බලාපොරොත්තු වෙනවා ජනවාරියේ කැබිනට් එකට ඉදිරිපත් කරලා ඒ අවසරය ගන්න ජනවාරියේ ඒ ක්‍රියාමාර්ග ගන්න.”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close