කලහකාරී සිදුවීම් වලදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අරගලයේ ක්‍රියාකාරි ධනිෂ් අලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කළේ, එළඹෙන මැතිවරණය සඳහා අරගලය නියෝජනය කරමින් අලුත් බලවේගයක් බිහි කරන බවයි.
තවද එම බලවේගය හරහා කොළඹ බලය ස්ථිර වශයෙන්ම අල්ලන බවද අරගලයේ ක්‍රියාකාරි ධනිෂ් අලි තවදුරටත් සඳහන් කරයි.