වැලිකන්ද ප්රාදේශිය සභාවේ සභාපති නිමල් අධිකාරි, අධිකරණ ශාලාවේ සිර මැදිරිය තුළ පැය තුනක් රඳවා තබන්නැයි පොලොන්නරුව මහේස්ත්රාත්වරිය නියෝග කළාය.
ඒ සභාපතිවරයා අධිකරණයට අපහාසාත්මක වන අයුරින්, අධිකරණය තුළ කකුලක් උඩ කකුලක් තබාගෙන සිටියැයි කියන සිද්ධියකට මෙම නියෝගය නිකුත් කර ඇත.
වැලිකන්ද ප්රාදේශීය සභාව, සංවිධානය කරන ලද උත්සවයක් සඳහා අනවසරයෙන්, විදුලිය ගත්තැයි කියන සිද්ධියකට සභාවේ විදුලි කාර්මිකයා, ඇතුළු දෙදෙනකු ,විදුලිබල මණ්ඩලයේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඔවුන් පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම නඩුව සොයා බැලීමේ අවස්ථාවට සහභාගිවූ සභාපතිවරයා අධිකරණයට අපහාස වන අයුරින් හැසිර ඇත.
අනතුරුව පැය තුනකට පසු පොලොන්නරුව මහේස්ත්රාත්වරිය සභාපතිවරයාට තරයේ අවවාද කර මුදා හැරීමට නියෝග කර ඇත.