රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිළ ඉහළ යාම හේතුවෙන් මෙරට තේ දලු මිල 100% ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති තුෂාර ප්‍රියදර්ශන පවසයි.
මේ වනවිට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවයි. මාස කිහිපයකට පෙර මිල රුපියල් 100 ත් 130 ත් අතර පැවති තේ දලු කිලෝව රුපියල් 260 දක්වා ඉක්මවා ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.