ඩිලාන් සේනානායක සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කරයි.
අමෙම අදාල පහරදීම සම්බන්ධ පුද්ගලයන් දෙමටගොඩ සහ මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කරයි.
මෙම ප්‍රහාරයට හේතු වී ඇත්තේ තරුණියක් සම්බන්ධයෙන් පැවැති ගැටලුකාරී තත්ත්වයක් බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වු බව පොලීසිය සදහන් කරයි.
ඉකුත් 14 වෙනි දින නුගේගොඩ පාගොඩ පාරේ ඔහුගේ ඡායාරූප ශාලාව තුළ සිටියදී එහි පැමිණ එම පුද්ගලයන් ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබුණේය.