රටේ පවතින ඉන්ධන ගැටලුව නිසා පොදු ප්‍රවාහන සේවාවන් සීමාසහිත වීම හේතුවෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු සිකුරාදා දිනවල දී මහජන සේවාවන් සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
සේවාලාභීන්ට සිකුරාදා දිනවල මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය අවශ්‍යතා ඉටුකරගැනීමට හැකි බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
වැඩි දුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් කාර්යාලීය වේලාවන්හිදී 070 110 77 88 යන දුරකථන අංකයට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.