අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පසුගිය 21 වනදා ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව අක්කරපත්තුව පොලීසිය සඳහන් කරයි.
අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගින්නකින් විනාශ වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.
මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17,19,24 යන වයස්වල පසුවන අක්කරපත්තුව සහ කෝලාවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 200ක්, මන්නා පිහියක් සහ අපරාධය සිදුකරන විට ඔවුන් හැඳ සිටි ඇඳුම් සොයාගත් බවද සදහන් කරයි.